ඉන්දියාවේ සිට මෙරටට භාණ්ඩ ප්‍රවාහන නැව් සේවාවක් - අත්‍යාවශ්‍ය භාණ්ඩ ඉන්දියාවෙන් ගේමට සැරසේ..?
Sri Lanka Economic Crisis
Sri Lanka
India
By Sewvandhi
තමිල්නාඩුව සහ කන්කසන්තුරෙයි වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාගත් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
තමිල්නාඩුවේ පොන්ඩිචේරි, කාරෙක්කාල් වරාන්වල සිට කන්කසන්තුරේ වරාය දක්වා භාණ්ඩ නැව් සේවාවක් ආරම්භ කිරීමට අනුමැතිය ලැබී තිබේ.
නුදුරේදිම භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවාවක් ද ආරම්භකිරීමට හැකි වන බව අමාත්‍යවරයා පැවසීය.
මෙම බෝට්ටු සේවාව හරහා ජනතාවට අවශ්‍ය වන ඉන්ධන, පොහොර, කිරිපිටි, ඖෂධ යන භාණ්ඩ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, සාධාරණ මිලකට ලබාගැනීමට අවස්ථාව ලැබී ඇති බව ධීවර අමාත්‍යවරයා පැවසීය.
මේ අතර පලාලි, ත්රිචි හා චෙන්නායි නගර අතර මගී ගුවන් සේවාව සැලසුම් කර ඇති පරිදි ජුලි 01 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන බව ඔහු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |