ලංකාවට සහය දෙනවද නැද්ද.. ඉන්දියාව අවසන් තීරණය නිවේදනය කරයි

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis India Economy of Sri Lanka
By Sewvandhi Sep 20, 2022 09:24 AM GMT
Report

ශ්‍රී ලංකාවට හැකි අයුරින් තවදුරටත් උදව් කරන බව ඉන්දියාව පවසයි. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ පැවසුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වැදගත් අංශ සඳහා දිගින් දිගටම උදව් කරන බවත් විශේෂයෙන් දිගුකාලීන ආයෝජන දිරිමත් කරන බවත්ය. එහි අරමුණ වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් ප්‍රකෘත්ති තත්ත්වයට පත්කිරීම බව මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ "ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබා නොදෙන බවට පළවූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර වශයෙන් බව" ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ වසර තුළදී මෙතෙක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ද්විපාර්ශවික උපකාරවල වටිනාකම ඩොලර් බිලියන 4කි. ඊට අමතරව ද්විපාර්ශවික සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති සඳහාද ඉන්දියාව යොදවා ඇති මුදල ඩොලර් බිලියන 3.5ක් පමණ වේ.

ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා උපකාර කරන ලෙස අනෙකුත් පාර්ශවකරුවන්ට ද දැනුම්දී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW