ඉදිරි සති දෙකෙන් පසු මුලු රටටම සුබ ආරංචියක්..වෙන්න යන දේ මෙන්න.
Sri Lanka
Dollar case
By Aruna
මහ බැංකුවේ මැදිහත්වීමකින් තොරව රුපියලේ අගය අඛණ්ඩව නිදහසේ තීරණය වීමට ඉඩලබා දුනහොත් පවතින ඩොලර් අර්බුදය යම් ආකාරයකින් සමනය වනු ඇති බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා පවසනවා.
එලෙස විනිමය අනුපාත නිදහසේ තීරණය වීමට අඛණ්ඩව අවස්ථාව හිමිවුවහොත් පවතින අවිධිමත් විදේශ මුදල් වෙළඳපල ගනුදෙනු සීමාවනු ඇති බවයි ඔහු අවධාරණය කළේ.
මෙම තත්ත්වය සති 02 ක පමණ කාලයක් පවත්වාගෙන ගියහොත් ඩොලරයේ අගය ක්‍රමානුකූලව පහත බැස වෙළඳ පොල ස්ථාවර වනු ඇති බවයි ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් මේ වන විට වෙළඳ පොලේ පවතින භාණ්ඩ වල සීග්‍ර වැඩිවීමක් දකින්නට ලැබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |