ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලයට ඉබි-යතුරු දා වසාදමයි..හදිසියේ සිදුවූ දේ මෙන්න..
Maithripala Sirisena
Sri Lanka Politician
Sri Lanka Freedom Party
Dayasiri Jayasekara
By Aruna
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය හදිසියේම වසා දමා ඇතැයි වාර්තා වනවා.
මේ අනුව, එහි ප්‍රධාන ගේට්ටුවට ඉබි යතුරු දමා ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (05) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බවයි.
ඒ අනුව දයාසිරි ජයසේකර මහතා පක්ෂ මහ ලේකම් ධුරයෙන් ද ඉවත් කර ඇති අතර, ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
පක්ෂ සභාපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් නීතීඥවරයෙකු මාර්ගයෙන් අද (06) පස්වරුවේ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බව දයාසිරි ජයසේකර මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා.