මෙරට ඒකපුද්ගල මාසික වියදම තවත් ඉහළට..
Sri Lanka
By krishani
ලංකාවේ ඒක පුද්ගල මාසික වියදම තවදුරටත් ඉහළ ගොස් ඇති අතර ඉකුත් ජුලි මාසයේ දී පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය වියදම ලෙස දැක්වුණේ රුපියල් 13,138කී.
කෙසේවෙතත් අගෝස්තු මාසයේ දී එය රුපියල් 13,460 දක්වා ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවමත දත්ත වාර්තාවල සදහන් වේ.
මසකට වැඩිම වියදමක් දැරීමට සිදු ව ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කය තුළ ජිවත් වන පුද්ගලයෙකුට වේ.
එම මුදල රුපියල් 14,517ක් වන අතර ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවට අනුව අඩු ම ඒක පුද්ගල වියදම මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.ඒ රුපියල් 12,870ක් ලෙසයි.
මේ වසර ආරම්භයේ දී මෙරට ඒකපුද්ගල වියදම ලෙස දැක්වුණේ, රුපියල් 7913කී.