ඉදිරි සති 02කේ ශ්‍රී ලංකාවට සුබ ආරංචියක් - මහ බැංකුවේ අධිපති..

Nandalal Weerasinghe Sri Lanka Economy of Sri Lanka
By Aruna Nov 24, 2022 11:05 PM GMT
Report

පිපිරීමට ආසන්නව තිබූ මෙරට ආර්ථිකය, එම තත්ත්වයට යා නොදී වළක්වා ගැනීමට හැකියාව ලැබී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මහබැංකුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිපතිවරයා කියා සිටියේ, ඉදිරියේදී මෙරට පොලී අනුපාතවල ස්ථාවරවීමක් සහ අඩුවීමක් දක්නට ලැබෙනු ඇති බවයි.

එසේම, ඉදිරි සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශවික ණය හිමියන්ගේ එකඟතාවය ලබා ගැනීමට හැකි වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂිත සහනය එළැඹෙන ජනවාරි මාසය පමණ වනවිට ලබාගත හැකි වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුදල් මුද්‍රණයේ අඩුවක් දක්නට ලැබෙන බවද මහ ඔහු සඳහන් කළා.

2022 ජනවාරි සිට මේ දක්වා කාලය තුළ මුදල් මුද්‍රණය කර ඇත්තේ රුපියල් බිලියන 47 ක් පමණයි.

පසුගිය 2021 වසර තුළ දී රුපියල් බිලියන 341 ක මුදලක් මුද්‍රණය කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now