ජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයෙන් රජයට අවසන් නිවේදනයක්
අයවැය යෝජනාවලියෙන් වෘත්තිකයන්ගේ ඉල්ලීම් නොසලකා හැර ඇති බව පවසමින් නොවැම්බර් 30 වැනිදායින් පසු විරෝධතා මාලාවක් ආරම්භ කිරීමට රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
එම සංගමය අද (25) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ අයවැය යෝජනා මඟින් මෙරට දන්ත වෛද්‍ය ප්‍රජාව දැඩි ලෙස නොසලකා හැර ඇති බවය.
වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රුපියල් 25,000කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබුණ ද එම මුදල අදියර දෙකකින් ලබාදීමට සැලසුම් කර ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.
ඒ අනුව රුපියල් 12,500ක මුදලක් 2027 ජුනි මාසයේදීත්, ඉතිරි රුපියල් 12,500ක මුදල 2028 ජුනි මාසයේදීත් ලබාදීමට යෝජනා කර ඇති බව එහි සඳහන් වේ.
එබැවින් අයවැය කාරක සභා අවස්ථාවේදී මෙම යෝජනා නැවත සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද එම සංගමය පවසයි.
එහිදී DAT දීමනාව කාලීනව යාවත්කාලීන කිරීම, අතිකාල දීමනාව (ED) ස්ථාවර අගයක් ලෙස ලබාදීම සහ වැඩි කළ රුපියල් 25,000ක දීමනාව අදියර දෙකකින් තොරව 2027 ජනවාරි මාසයේ සිට සම්පූර්ණයෙන් ගෙවීම යන ඉල්ලීම් රජය වෙත ඉදිරිපත් කර තිබේ.
එම ඉල්ලීම් ඉටු නොකර අයවැය යෝජනා සමඟ ඉදිරියට යන්නේ නම් ඊට එකඟ නොවන බව අවධාරණය කරන රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය, නොවැම්බර් 30 වැනිදායින් පසු රජයේ දන්ත වෛද්‍ය සේවාවේ විශේෂඥ සායන, බාහිර රෝගී සායන සහ ප්‍රජා දන්ත සායන කේන්ද්‍ර කරගනිමින් එම විරෝධතා ක්‍රියාමාර්ග දියත් කරන බවද සඳහන් කරයි.
අයවැය එරෙහිව දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගෙනුත් රතු එළියක් by rishma