රත්රන් මිළ ඉහළ යාම හමුවේ මෙරට සිදු වන දෙයක් ගැන රේගුවෙන් ප්‍රකාශයක්..

Sri Lanka
By krishani Oct 23, 2022 02:47 AM GMT
Report

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නීති විරෝධි ලෙස රත්‍රං රැගෙන ඒමේ ජාවාරමේ වර්ධනයක් පෙන්නුම් කරන බව රේගුව පවසයි.

මාසයක කාලය තුළ පමණක් එලෙස වාර්තා වූ සිද්ධීන් සංඛ්‍යාව අටක් වන අතර ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඉන්දීය ජාතිකයින් ද මෙම ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ රත්‍රං මිල ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මෙලෙස ජාවාරම් ඉහළ ගොස් ඇති බවය.

කෙසේවෙතත් ඇතැම් ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව හුවමාරු මාධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බව රේගු අංශ පවසයි.