විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන්ට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka
By krishani Sep 27, 2022 04:13 AM GMT
Report

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට භාණ්ඩ එවීමේ දී රේගුවේ ලියාපදිංචි වී ඇති ආයතන සමග පමණක් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගුව මහජනතාවට දැනුම් දෙයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට එවනු ලබන භාණ්ඩ අස්ථාන ගතවීම සහ හානි සිදුවීම පිළිබඳව ලැබෙන පැමිණිලිවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බවත් මේ ගැන සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ රේගුව සමග ලියාපදිංචි වී නොමැති ආයතන හරහා භාණ්ඩ එවීමේදී මෙම සිදුවීම් වැඩි වශයෙන් ඇතිවන බවත් ය.

එම නිසා භාණ්ඩ මෙරටට එවීමේදී රේගුවේ ලියාපදිංචි ආයතන සමග පමණක් කටයුතු කරන ලෙස රේගුව විසින් දැනුම් දෙයි.