බෙලිඅත්ත ප්‍රදේශයේ බරපතල වෙඩි තැබිමක් - හේතුව මෙන්න..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 24, 2022 02:15 AM GMT
krishani

krishani

in අපරාධ
Report

බෙලිඅත්ත, තාරපේරිය, නිහිලුව ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් ඊයේ (23) රාත්‍රී කාලයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, 42 හැවිරිදි තාරපේරිය, නිහිලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයාගේ නිවසේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මේ අතර වැල්ලම්පිටිය පොලිස් වසමේ මීතොටමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

බේකරියක සේවය කරමින් සිටි පුද්ගලයෙකුට එම බේකරියේ කලින් සේවය කළ පුද්ගයෙකු පිහියකින් ඇන එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ(23) අලුයම් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බවට වාර්තා වෙයි. එලෙස මියගොස් ඇත්තේ, 37 හැවිරිදි මකල්දෙනියවත්ත, කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම ඝාතනය සිදුකළ සැකකරු පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join