ශ්‍රී ලංකා ක්‍රිකට් ඇඳුම ගැන එළියට ආ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..!

Nalin Bandara Jayamaha Roshan Ranasinghe Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Nov 26, 2022 02:51 PM GMT
Report

අද(26) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ පළ කළ අදහස් වලට ප්‍රතිචාර දැක්වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,කියා සිටියේ ඔට්ටු ඇල්ලීමේ ආයතනය ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම රටට අපකීර්තියක් බවයි.

ආසියානු ක්‍රිකට් තරඟාවලිය සඳහා ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් නිල අනුග්‍රහය දැක්වීම රටට අපකීර්තියක් බවයි එතුමා සඳහන් කළේ .

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා,

"මේ තියෙන්නේ ආසියානු තරගාවලියේ නිල ලංඡනය. ශ්‍රී ලංකා ක්‍රිකට් ලංඡනය තියෙනවා. fairplay තියෙනවා. අපේ ක්‍රීඩකයින්ගේ ඇදුමේ ගහලා තියෙනවා. මේ ආයතනය betting and gaming company එකක්. මේක අපේ රටේ ක්‍රීඩකයින්ගේ ඇඳුමේ ගහපුවාහම මොකක්ද අපේ රටේ ක්‍රිකට්වලට අතිවෙන ඉරණම. අපේ ක්‍රීඩකයෝ ආලෙවි වෙනවා කියලා සැකකරන්න වෙනවා නේද?"

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,

"ඔබතුමා කිව්ව fairplay ආයතනය betting ආයතනයක් සූදු ආයතනයක් කියන එක.. පැහැදිලිවම දන්වා. මේක අපේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් ඇඳගෙන සෙල්ලම් කිරීම මම හිතන්නේ රටට අපකීර්තියක්. මේක නොවිය යුතුයි කියලා අපි දැනුම් දීලා තියෙන්නේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now