ඊයේ තරගයේ නීතී උල්ලංඝනය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ..මෙරට සුපිරි ක්‍රීඩකයෙකුට භාෂා විලාශය හේතුවෙන් ICCය අනතුරු අඟවයි.
ඕස්ට්‍රේලියාව සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ජාත්‍යන්තර තරගයක දී භාවිතයට අනුචිත භාෂා විලාශයක් අනුගමනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) චර්යා ධර්ම සංග්‍රහයේ 2.3 වගන්තිය කඩ කර ඇති බව තහවුරු වී තිබෙනවා.
මේ හේතුවෙන් ඔහුට ජත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග තීරක ඩේවිඩ් බූන් විසින් දැඩි අවවාද කිරීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ මීට අමතරව ඔහුගේ විනය වාර්තාවට අප්‍රසාද ලකුණුක් ද එක්කර තිබෙනවා.
පැතුම් නිශ්ශංක පන්ඳුවට පහර දෙමින් සිටියදී ඔහු එල්ල කළ පහරක් වැරදි යාමෙන් පසු ඔහු විසින් දක්වන ලද වාචික ප්‍රතිචාරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල චර්යා ධර්ම පද්ධතියේ ඇතැම් වැකි උල්ලංඝනය කරන බවටයි තහවුරු වී ඇත්තේ.
මීට අමතරව ඊයේ පැවති තරඟයේදී නියමිත පන්දු ඕවර ප්‍රමාණය යැවීමේ වේගය රඳවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සමස්ත තරග මුදලින් 20% ක දඩයක් පැනවීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක ඩේවිඩ් බූන් තීරණය කර තිබෙනවා.
ඊයේ තරගය නිමා වූ කාලය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදී ඇති කාලයට වඩා පන්දු වාරයක් පසු පසින් සිටි බවටයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක වරද පිලි පිළිගැනීම හේතුවෙන් ඒ පිලිබඳ කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් තරග තීරක ඩේවිඩ් බූන් පවසා තිබෙනවා.
ක්‍රීඩකයින් සහ සහායක කාර්‍ය මඩුල්ල සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව, ක්‍රීඩකයින් නියමිත කාලය තුළ යැවීමට අපොහොසත් වන සෑම පන්දු ඕවරයකටම ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් නියම කෙරෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |