ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුණේ.. හැමෝම හෙව්ව ප්‍රශ්නෙට උත්තරේ.. මුදල් අදින ප්‍රබල සැලැස්ම ඇමති හෙළි කරයි...

Parliament of Sri Lanka Roshan Ranasinghe Cricket Sri Lanka Cricket
By Sithumi Nov 09, 2023 05:41 AM GMT
Report

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විශාල කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

මැක්ස් වෙල් පසුගියදා ඇෆ්ගනිස්තානය සමග කළ පිති හරඹය තවත් වැඩි කරන්නටත් සමත් වුණා.

මේ වන විට ක්‍රිකට් සම්බන්ධ කතා බහ පාර්ලිමේන්තුව දෙවනත් කරන්නටත් සමත් වෙලා තියනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකින්  ඩොලර් මිලියන 2ක මුදලක් මේ මොහොතේ ලබාගැනීමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු ලැබී බව අද ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ මීට සුළු වෙලාවකට පෙර ප්‍රබල හෙලිදර්ව්වක් කළා.

ඒ'දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම' යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව මේ වන විට පැවැව්ත්වෙන විවාදයේදි.

එම බලධාරීන්ගෙන් එක් අයෙක් මේ වනවිටත් දිවයිනෙන් පිටව ගොස් ඇතු බව එම අවස්ථාවේ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔහුගේ එම ප්‍රකාශය පහතින් උපුටා ගැනීම "නිදහස් චතුරස්‍රයේ ඇති ගිණුමෙන් ඩොලර් මිලියන 2ක මුදලක් ගන්න කටයුතු කරනවා කියලා මට පණිවුඩයක් ලැබුණා.

පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නය තියෙන නිසා කළමනාකාරතුමා ඉහළින් මේ ගැන උපදෙස් ඉල්ලලා තියෙනවා.

පාර්ලිමේන්තුවට තියෙන බලය ගැන විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණය මතය විමසන්න යනවා කියලා අපි මාධ්‍යයෙන් දැක්කා.

මේ ගිණුම්වල මුදල් ගැනීම සහ පැහැදිලි දුෂණයක් තියෙනවා. මේ අයගේ ගමන් බලපත්‍ර අත්හිටුවන්න මොකද්ද අපිට ගන්න පුළුවන් පියවර කියලා බලන්න ඕනේ.

එක පුද්ගලයෙක් රටේ නෑ. තවත් කල්මැරීම තුළ මොකද්ද වෙන්නේ කියලා ප්‍රශ්නයක්. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ."