ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට සුබ ආරංචියක් - ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කරයි..?

Cricket Sri Lanka Cricket Harin Fernando International Cricket Council
By Sewvandhi Dec 04, 2023 01:44 PM GMT
Report

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, තව නුදුරු දිනකින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම ඉවත්කරගත හැකි වන බවයි.

මෙරට ක්‍රිකට් තහනම ඉවත්කරගැනීම සඳහා ICCයේ බලධාරීන් සමග දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත් බවයි, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා,

"මට ලොකු විශ්වාසයකින් කියන්න පුළුවන් ICCයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන් නොබෝ දිනකින් අපේ තහනම ඉවත්කරන බවත් දුරකථනයෙන් කළ සංවාදයකදී ප්‍රකාශයක් කළා. ඔවුන් සඳහා ලිපිය ලබාදෙන්න ඕන. මම හිතනවා මේ සතිය තුළ එයත් ලබාගැනීමේ හැකියාව අපිට තියෙයි.

ශම්මි සිල්වාට එරෙහිව තියෙන හැම චෝදනාවක් ම ඒ වෙලාවේම මම ICCයට ඉදිරිපත් කරනවා. ICCයේ තමයි සල්ලි . ලංකාවේ රජයේ සල්ලි නෙමෙයි. ඒ නිසා අපිට පුංචි ප්‍රශ්නයක් තියෙනවා . හැබැයි අපි ගෙනාපු නීතියක් මේ රටේ තියෙනවා. ඒක තමයි දූෂණ මර්ධන නීතිය.