නායක කුසල් මෙන්ඩිස් ගෙන් සුතුටුදායක ආරංචියක්..ඉතිරි තරග දෙකම දිනා සෙමි ෆයිනල් එන බව දැනුම්දෙයි..
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට ඇති ඉදිරි තරග දෙකම ජය ගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අවධාරණය කරනවා.
ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති තරගයේ දැවැන්ත පරාජය ගැන තමන් බොහෝ සෙයින් කලකිරී සිටින බවත්, තමන්ගෙන්ද කණ්ඩායමට යමක් සිදු වුණේ නැති බව ද කුසල් මෙන්ඩිස් සඳහන් කළා.
ඉන්දීය පිල ඉතා හොඳින් පන්දු යැවු බවත් රාත්‍රිය වෙද්දි පන්දුව ඉතා හොඳින් දෝලනයක් තිබුන බවත් පවසන ඔහු මේ කිසිවක් නිදහසට කරුණු නොවන බවයි අවධාරණය කළේ.
ශ‍්‍රී ලංකාව තරගාවලියේ තරග හතකට සහභාගි වී දෙකක් පමණක් ජයගෙන පහක් පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානයේ පසුවෙයි.
ශ්‍රී ලංකාවට ඉදිරි තරග දෙකම ජයගතහොත් ප්‍රසාද ලකුණු අටක් ලබා පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමේ අවස්ථාවක් පවතී.
ප‍්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ සිටම රටවල් ලකුණු අට බැගින් ලබා සිටින නිසා ශ්‍රී ලංකා පිලට අවසන් පූර්ව වටයට යෑමට ඉතා සීමිත අවස්ථාවක් හිමිවී තිබීමද විශේෂත්වයක්.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම වික්‍රමාන්විතය සිදු කළ හැක්කක් ද?
නමුත් බලාපොරොත්තු කඩාවැටුණු ප්‍රේක්ෂකයින් ගේ එකම අරමුණ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි තරඟ දෙක විශිෂ්ඨ ලෙස ජය ගැනීමයි.