ලංකාවෙම බලාපොරොත්තු සුන් වෙමින් අහිමි මතකයන් මැදින්, ලංකා ක්‍රිකට් ටීම් එකට ඉතිහාසයේ පළමු වරට වුණ තවත් දුක හිතෙන අසතුටුදායක ආරංචියක් මෙන්න.
2025 වසරේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබාගැනීමට තිබු අවසන් අවස්ථාව අහිමි විය.
ඒ අනුව ක්‍රිකට් ඉතිහායේ පළමුවරට ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම නොමැතිව ක්‍රීඩා කරන ICC තරගාවලිය බවට 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය පත්වනු ඇත.
2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගන්නවා ද නැද්ද යන තීරණයට සෘජුව බලපාන තීරණාත්මක තරගයක් ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර පෙරේදා පැවැත්විණ.
එහිදී කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවි ලකුණු 308ක් රැස්කර ගත්තේ ය.
ඔස්ට්‍රේලියාව පන්දුවාර 44යි පන්දු 4කදී කඩුලු දෙකක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියේ ය.
කෙසේ වෙතත්, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව තරග 2 බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා සිටියද බංග්ලාදේශ කණ්ඩායමේ ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය ශ්‍රී ලංකාවට වඩා ඉහළ අගයක් ගෙන තිබෙනවා.