පාර්ලිමේන්තුවම දෙවනත් කළ ක්‍රිකට් කතා බහ... ක්‍රිකට් ගොඩගන්න පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු වෙලා පාර්ලිමේන්තුවේදී කරන්න යන වැඩේ මෙන්න..
ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හැමෝම එක හා සමානව අත්වැල් බැඳ ගන්නා බැවින් සැමගේම එකඟතාව තුළ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන හොර තක්කඩි අල්ලස් දූෂිතයන් අධිකරණයේ නියෝගවලට මුවා වී ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරිමට එරෙහිව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගෙන මේ හොර කල්ලිය ගෙදර යැවිය යුතු බව විපක්ෂ නායකවරයා අද පැවසුවා.
මෙම අවස්ථාවේ බොහෝ දෙනා මෙම ප්‍රකාශය සමග සිටගත් ආකාරයද නිරීක්ෂණය වුණා.
අධිකරණය සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් තමාට ඇති මුත් ඊයේ දිනයේ මහා ඛේදවාචයක් සිදුවූ බවත් මෙරට ගම්බඳ, පාසල්, පළාත් ක්‍රිකට් කණ්ඩායම්වලට ලැබිය යුතු මුදල් සහ ප්‍රතිපාදන ක්‍රිකට් ක්‍රීඩාව වෙලාගෙන සිටින හොර කල්ලි, සූදුකාරයෝ සහ කුඩු කාරයෝ ගිලගන්නා බවත් මොවුන් මේ වන විට රට සම්බන්ධ වැරදි ප්‍රතිරූපයක් අයි.සී.සී. ආයතනයට ලබා දීමට උත්සාහ කරන බැවින් පාර්ලිමේන්තුවේ 225 දෙනා එකට එකතු වී එම උත්සාහය ව්‍යාර්ථ කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසුවා.
ක්‍රිකට් පනත සාධනීයව හා ප්‍රබුද්ධ වෙනස් කිරීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දීමට කැමති බවත් සූදු කල්ලි, පාතාල කල්ලිවලට, කප්පම් කල්ලිවලට ක්‍රිකට් ඒකාධිකාරයක් ඇති කිරිමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපතිවරයාගේ සහයෝගය ද ගෙන මෙම යෝජනාව සම්මත කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.
හෙට දිනයේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට ද එහිදි යෝජනා වුණු අතර පාර්ලිමේන්තුව තුළ දූෂිත ක්‍රිකට් පාලකයින් එලැවීම හරහා ජාත්‍යන්තරයට මතයක් රැගෙන යාම කෙරෙහි මෙහිදී යෝජනා විය.
ඒ අනුව ක්‍රිකට් පරිපාලනයේ මේ වන විට සිටින දූෂිතයන් එළවමු යන මැයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ඒකාබද්ධ යෝජනාවක් හෙට දිනයේ සම්මත කිරීමට නියමිතව තිබෙනවා.
විපක්ෂ නායකවරයා විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමටත් ආණ්ඩු පක්ෂය එම යෝජනාව ස්තිර කිරීමටත් නියමිත බවයි වාර්තා වන්නේ .