ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැටලීමේ සූදානමක්?..සමාජ ජාල කළඹමින් පෙළගැසෙයි..
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය වෙමින් තිබෙන බව වාර්තා වනවා.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් ලද දරුණු පරාජයන්ට විරෝධය පළ කරමින් සමාජ ජාල ඔස්සේ ඒ සඳහා ඇතැමුන් විසින් ඒ වෙත පිරිස් කැඳවමින් ඇති බවයි පැවසෙන්නේ.
ක්‍රිකට් ආයතනයට අප්‍රසාදය පළ කිරීම සඳහා මෙම සාමකාමී විරෝධතාවය සංවිධානය කරන බවයි සමාජජාලාවල සංවිධානය කරන්නන් කියා සිටින්නේ.
මේ අතර, ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවතට විසිවෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ ලැබූ දරුණු පරාජය පිළිබඳව කරුණු විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කණ්ඩායමේ පුහුණුකරුවන් ගෙන් හා තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන්දියාව සමග වූ තරගයට කණ්ඩායම නම් කළ පදනම කුමක් ද යන්න මෙහිදී කරුණු විමසීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨයෙකු කියා සිටියේ ධනංජය ද සිල්වා වෙනුවට දුෂාන් හේමන්ත කැදවීම පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් පවතින බවයි.
එමෙන්ම ඊයේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ ඉතා දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳව කරුණු විමසීමට ක්‍රිකට් ආයතනය ද තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය වීමට අදාලව සමාජ මාධ්‍යයේ හුවමාරු වන පෝස්ටුවක් පහතින්,