අද තරග පරාජයෙන් පසුව ශ්‍රී ලංකාව වැටුණු අලුත්ම තැන - ලකුණු වේගයත් සෘණ වෙයි..!

Cricket Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Oct 29, 2022 02:39 PM GMT
Report

ලෝක කුසලාන තරගාවලියේ අද පැවැති තරගයේදී නවසීලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් එතෙක් ධන (+) අගයක්ව පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය සෘණ (-) අගයක් බවට පත්විය.

ශ්‍රී ලංකාව මේ දක්වා සුපිරි 12 දෙනාගේ වටයේ තරග 3 කට මුහුණ දී සිටින අතර ඒවායින් ජයගෙන ඇත්තේ තරගයක් පමණි. මෙම තරගාවලියේ සැකැස්ම අනුව තරග දෙකක් පරාජය වන කණ්ඩායමකට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ඇත්තේ අඩු අවස්ථාවකි.

කෙසේ වෙතත් අනෙකුත් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග ප්‍රතිඵල මෙන්ම කාලගුණයේ බලපෑම මත කිසියම් තරගයක් වර්ෂාවට සේදී යාම අනුවත් ඉදිරියේදී ප්‍රසාද ලකුණු පුවරුව වෙනස් වනු ඇත. ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery