ඔස්ට්‍රේලියාවට පැරදුනාට ලංකාවට සෙමි ෆයිනල් යන්න තාමත් පුළුවන්, කරන්න ඕන දේ මෙන්න..(VIDEO)

Lasith Malinga Cricket Sri Lanka Cricket T20 World Cup 2022
By Sewvandhi Oct 26, 2022 06:25 PM GMT
Report

2022 T20 ලෝක කුසලානයේ සුපිරි දොළොස් දෙනාගේ වටයෙහි දෙවන තරගය ලෙස ඊයේ දින පැවති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟයේදී ඕස්ට්‍රේලියාව හමුවෙන් කඩුලු 7කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

ඒත් එක්කම බොහෝ දෙනෙක් හිතනවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට පරාජය වෙද්දී මෙම තරගාවලිය තුල අපට තිබුණු හැම බලාපොරොත්තුවක්ම ඉවරයි කියලා. ඒ වගේම තවත් අයට හිතෙනවා ඇති නවසීලන්තය හමුවේ පරාජය වුනු ඔස්ට්‍රේලියාවත් එක්ක මෙහෙම පැරදුනා නම් සුපිරි 12දෙනාගේ ඉදිරි තරඟ ගැන ආයේ වෙන මොන කතාද කියලා.

හැබැයි තවම අපිට තියන අවස්ථාව නැති වෙලා නැහැ. ඉතින් ඒ ගැන වගේම ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරඟය පරාජය හමුවේ තරගාවලිය තුළ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ගැන සහ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට හිමිවන ස්ථානය පිළිබඳව පහත වීඩියෝව තුළ සවිස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා.

ඒ වගේම එම තරඟය අවසන් වීමෙන් සුළු මොහොතකට පසු ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු වේග පන්දු යවන්නා ලසිත් මාලිංග තරගය පිළිබඳ දැක් වූ අදහස් කිහිපයක් ද ඒ තුළ අන්තර්ගතයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now