ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මෙරටට පරිත්‍යාගයක්..!
පවතින අර්බුදය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුවිශේෂී පරිත්‍යාගයක් කර තිබේ.නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ළමුන් සඳහා ළමා ප්‍රතිකාර සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පරිත්‍යාග කර තිබේ.
එසේම පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට මහරගම අපේක්ෂා රෝහල වෙතද ඩොලර් මිලියනයක මුදලක් ක්‍රිකට් ආයතනය විසින් පරිත්‍යාග කර ඇත.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඊයේ දිනයේ රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම පරිත්‍යාගය අනුමත කර ඇති බවය.
ඒ අනුව එහි හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් මෙලෙස පරිත්‍යාග කරන ලද අරමුදල් අදාළ ආයතනවල නිලධාරීන් වෙත කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවද එහි වැඩිදුරටත් සඳහන් ව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |