ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට මෙන්න තවත් සුපිරි අවස්ථාවක්.
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයේ සමස්ත ප්‍රේක්ෂක ධාරිතාවෙන් 50%කට අවස්ථාව ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
තරගය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයන් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතු අතර එන්නත ලබාගත් බව තහවුරු කිරීම සඳහා එම කාඩ්පත රැගෙන යාම හෝ එහි ඡායාරූපයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය එළඹෙන ඉරිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.
කෙසේ වෙතත් ක්‍රීඩාංගණයට ඇතුළු වන දිනට එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන දින 14ක් ඉක්මගොස් නොමැති අයට තරගය නැරඹීමේ අවස්ථාව හිමි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ හෙට දිනයේ සිට ප්‍රේක්ෂකයන්ට ප්‍රවේශ පත්‍ර මිළදී ගත හැකි බවයි.
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලියේ පළමු තරගය ජනවාරි මස 16 වැනිදා ත්, දෙවන තරගය ජනවාරි මස 18 වැනිදාත්, තුන්වන තරගය 21 වැනිදාත් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |