කාටත් හොරෙන් ඉන්ධන විකුණුවාද..? සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවේ ඇත්ත නැත්ත, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියයි..!
පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය ප්‍රචාරයක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පරිශ්‍රයේදී ඉන්ධන බවුසරයකින් පිරිසක් කෑන්වලට ඉන්ධන ලබාගන්නා වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වූ අතර ඉන්ධන අලෙවිකිරීමක් සම්බන්ධයෙන් චෝදනාවක් එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ලවිය.
එම කටකතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම චෝදනාව පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු ආකාරයකින් ඉන්ධන ගබඩා කිරීමක නිරත නොවන බවත් මහජනතාවට ඉන්ධන අලෙවි නොකරන බවත් සඳහන් කරයි.
ලංකා IOC පිරවුම්හලකින් මිලදී ගත් ඉන්ධන තොගයක් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ගබඩා කර ඇති බවත් එම ඉන්ධන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරග සංචාරයේ අවශ්‍යතා සහ දේශීය ක්‍රිකට් මෙහෙයුම් සඳහා මෙන්ම ඉදිරි ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා භාවිත කරන බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බස් රථ, නිල වාහන, බිම් නඩත්තු යන්ත්‍ර සඳහා මෙම ඉන්ධන භාවිත කෙරෙන බවද පෙන්වා දෙයි. එමෙන්ම දිවා රාත්‍රී තරග සඳහා පහසුකම් සැලසීමට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල පිහිටා ඇති විදුලිබල උත්පාදන යන්ත්‍ර සඳහා ද ඉන්ධන භාවිත කළයුතු බවත් අදාළ නිවේදනයෙන් සඳහන් කරයි. ඒ අනුව ඉහත කී කටකතාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යළිත් අවධාරණය කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |