පොල්කටු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සතුටුදායක ආරංචියක්..
                                    
                    Agriculture Water And Action For Rural Development
                
                                                
                    Mahinda Amaraweera
                
                                                
                    Sri Lanka
                
                                                
                    United States of America
                
                                                
                    Ministry of Agriculture
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    පොල් කටු අපනයනය කිරීමෙන් පමණක් මෙරටට වසරකට ඩොලර් මිලියන 300ක ආදායමක් ලැබෙන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පවසනවා.
පොල් කටුවලින් චාකෝල් නිෂ්පාදනය කර සක්‍රිය කාබන් ලෙස අපනයනය කෙරෙන බවත්, පොල් කටු වැඩි වශයෙන් අපනයනය කෙරෙන්නේ ඇමරිකාවට බවයි ඔහු කියා සිටියේ.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පොල් කටු කිලෝවක් රුපියල් 36ක් වැනි මිලකට සක්‍රීය කාබන් නිෂ්පාදනය සඳහා මිලදී ගැනෙන බවයි.
පොල් සංවර්ධන අධිකාරිය පවසයි, පොල් කටු සඳහා විදේශ වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින බැවින් පොල් කටු විනාශ නොකර ඒවා ආදායම් උපයාගත හැකි මාර්ගයක් ලෙස භාවිතා කිරීමට හැකි බවයි.
 මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි බිලියන තුනක් බවයි පැවසෙන්නේ.
 
                 
                 
                                             
     
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    