" අත්සන් කළ කළ ගිවිසුම සංශෝධනය කරන්න" ලංකාව චීනයෙන් කළ විශේෂ ඉල්ලීම

Sri Lanka Sri Lankan political crisis China World Economic Crisis
By Sithumi Jun 16, 2022 05:10 PM GMT
Report

චීනයෙන් ලබා දී ඇති එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක විදේශ මුදල් හුවමාරුව භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව මාස තුනක විදේශ සංචිත තිබිය යුතු යැයි දෙරට අත්සන් කරන ලද ගිවිසුමේ ඇතුලත් වගන්තිය සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

විදේශ මුදල් හුවමාරුව සඳහා චීනය සමඟ අත්සන් කර ඇති ගිවිසුමේ නියමයන් සහ කොන්දේසිවලට අනුව, එම මුදල් හුවමාරුව භාවිතා කිරීමට නම් ශ්‍රී ලංකාව සතුව මාස තුනකට ප්‍රමාණවත් විදේශ සංචිත තිබිය යුතුය.

ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකාවට මාස තුනක විදේශ සංචිත නොමැති වීම හේතුවෙන් ගනුදෙනුව අත්හිටුවා ඇතැයි පැවැසෙයි.විදේශ මුදල් හුවමාරුව මගින් ශ්‍රී ලංකාවේ ආනයන සඳහා ගෙවීමට චීන යුවාන් මුදල් ණයට ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබේ.

චීනය සහ ශ්‍රී ලංකාව මෙම විදේශ මුදල් හුවමාරුව සඳහා ගිවිසුම පසුගිය වසරේ අත්සන් කළේය. විදේශ මුදල් හුවමාරුවෙන් චීන නිෂ්පාදන ආනයනය කිරීමට බලාපොරොත්තු වන නිසා මෙම වගන්තිය සංශෝධනය කිරීම චීනයට ප්‍රයෝජනවත් වන බව ද ශ්‍රී ලංකාව දැනුම් දී ඇතැයි පැවැසෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now