’’ගෙදරින් එද්දි කෑම පාර්සලයක් ගේන්න’ කාටද මේ කියන්නේ..

By Sithumi Jun 13, 2022 12:03 PM GMT
Report

ගෑස්, සහල් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිවීමෙන් හෝටල් වලින් සියයට 60ක් පමණ වැසී ගොස් ඇතැයි සමස්ථ ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් රජයේ බළධාරීන්ගේ අවධානය යොමු කළත් කිසිදු විසදුමක් ඔවුන්ගෙන් නොලැබුන බවත් ඔහු සඳහන් කළේය.

ආහාර කර්මාණ්තයේ නියුතු පිරිස් සමග කිසිදු සාකච්ඡාවක් හෝ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ දක්වා සිදුකර නොමැති බවත් අසේල මහතා කීවේය. ගෙදරින් එනවිට කෑම පාර්සලයක් රැගෙන එන ලෙස සියලුම රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවයේ නියුතු පිරිස් වලින් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now