නීති විරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම්
Law and Order
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
වලංගු බලපත්‍රයකින් තොරව නීති විරෝධී ලෙස සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන ගිය අන්තර්ජාල වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම වෙබ් අඩවි නීතිමය අවසරයකින් තොරව මෙරට පරිශීලකයන්ට සූදු හා ඔට්ටු ඇල්ලීමේ සේවාවන් සපයා ඇති බවට අනාවරණය වී ඇති අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට එම වෙබ් අඩවි වෙත ප්‍රවේශ වීම අවහිර කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර, අදාළ වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළින් ප්‍රවේශ වීම අවහිර කිරීම සඳහා මෙරට විදුලි සංදේශ සේවා සපයන්නන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කරන බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී තිබේ.