ශ්‍රී ලංකාවෙන් බංගලාදේශයට ඩෙලර් මිලියන 100ක්

Sri Lanka Bangladesh Financial crisis
By Sewvandhi Sep 01, 2023 10:15 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ශ්‍රී ලංකාව විසින් ලබාගත් විනිමය හුවමාරු පහසුකමට අදාළ තවත් වාරිකයක් ගෙවා ඇති බවයි.

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාව ලබාගත් ඩොලර් මිලියන 200ක විනිමය හුවමාරු පහසුකමට අදාළ දෙවන වාරිකය වශයෙන් ඩොලර් මිලියන 100 ක් එලෙස ගෙවා ඇති බවයි, එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පසුගිය මාසයේදී මෙම විනිමය හුවමාරු ණය පහසුකමෙහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක් ශ්‍රී ලංකාව විසින් ගෙවීමට කටයුතු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Bangladesh Bank හි විධායක අධ්‍යක්ෂ Mesbaul Haque පවසා ඇත්තේ ඉතිරි ඩොලර් මිලියන 50ක මුදල මෙම වසර තුළ ගෙවීමට ඇති බවය.