ඇදහිය නොහැකි වටිනාකමකින් යුත්,මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ආ දේ..(VIDEO/PHOTOS)

Jaffna Army Day Sri Lanka India
By Sewvandhi Oct 23, 2022 03:09 PM GMT
Report

ඉංදියාවෙි සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් 16,000,000.00 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 95 ක් යාපනයේදි පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගන්නා ලදී.


විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරින්ට යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හෙට්ටිආරච්චි මහතාගේ මග පෙන්වීම හා අධීක්ෂණය මත,

සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ අණදෙන නිළධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක මැන්ඩිස් මහතාගෙ උපදෙස් පරිදි සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් පරීක්ෂක එම්.ඩි.ටි. මඩපාත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.10.23 වන දින ඉලවාලේ පොලිස් වසමේ මාදගල් නැගෙනහිර වෙරළ තිරයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී උදෑසන 3.30 ට පමණ එන්ජින් එකක් සහිත බෝට්ටුවක් තුල තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 95.691 ක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගෙන ඇත.

ඉංදියාවෙ සිට රහසිගතව බෝට්ටු මගින් කාලාන්තරයක් තිස්සෙ සිදුවන කේරළ ගංජා ජාවාරම මහත් පරිශ්‍රමයක් දරා යුද හමුදා බුද්ධි අංශයේද සහයෝගිත්වයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉලවාලේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery