ශ‍්‍රී ලංකාව ගැන ලෝක බැංකුවෙන් රතු එළියක්...

Sri Lanka Sri Lankan political crisis World Bank Economy of Sri Lanka
By Aruna Oct 17, 2022 02:13 AM GMT
Report

වර්තමානයේ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2022 වසරේ 9.2 % කින් සහ 2023 දී තවත් 4.2% කින් පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුවේ නවතම වාර්තාවක් මගින් පෙන්වා දී තිබෙනවා.

කොවිඩ් වසංගතය හා රුසියානු – යුක්‍රේන යුද්ධය හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ යාම ශ්‍රී ලංකාවට විශාල බලපෑමක් එල්ල කර ඇතැයි පෙන්වා දෙන එම වාර්තාව ආර්ථික අර්බුදය හමුවේ, 2021 සහ 2022 අතර කාලයේ දිළිඳුකම 25.6% දක්වා දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයිද, දිළිඳුබවින් ජීවත් වන පුද්ගල සංඛ්‍යාව ලක්ෂ 27ක් කින් වැඩි වී ඇතැයිද සඳහන් කර තිබේ.

සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම දිළිඳුකම සහ වඩාත් අවශ්‍යතා ඇති පිරිස ආරක්ෂා කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතුව ඇතැයි මාලදිවයින, නේපාලය හා ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් එච් හඩාඩ් සෙර්වොස් මහතා ප්‍රකාශ කරයි.

මේ අතර මෙරට පවතින දිළිඳුකම සම්බන්ධයෙන් පේරාදෙණිය ආචාර්යවරැන් පිරිසක් මේ සතියේ නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකට අනුව අනාවරණය වන්නේ මෙරට දිළිඳුකමින් පෙළෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා වැඩි වී ඇති බවටය.

2019 මෙම සංඛ්‍යාව පවුල් ලක්ෂ 7ක් විය.

2019 දුගීභාවයේ සිටි පුද්ගල සංඛ්‍යාව ලක්ෂ 30ක් පමණ වූ අතර 2022 වන විට එම සංඛ්‍යාව ලක්ෂ 96 දක්වා වැඩි වී ඇතැයිද ඒ අනුව රටේ සමස්ථ ජනගහනයෙන් 42%ක් දුගීබවින් පෙළෙන බවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

Join now