රජයේ වැඩපිළිවෙල ගැන ලෝක බැංකුව දැක්වූ ප්‍රතිචාරය
Shehan Semasinghe
Sri Lanka Economic Crisis
Sri Lanka
World Bank
By Sewvandhi
මෙරට ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බව ලෝක බැංකුව පවසයි
. ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ FARIS HADAD-ZERVOS සර්වර්ස් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග අද (03) මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබේ.
බිඳවැටුණු ආර්ථිකය යථාවත් කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිය කැපවීම ප්‍රදර්ශනය කරමින් සිටින බව එහිදී FARIS HADAD-ZERVOS මහතා සඳහන් කර ඇත.
ලෝක බැංකුව එම තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ද FARIS HADAD-ZERVOS මහතා අවධාරණය කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |