අද තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE)

Cricket Sri Lanka Cricket West Indies cricket team Wanindu Hasaranga International Cricket Council
By Aruna Jul 07, 2023 07:44 AM GMT
Report

ලබන ඔක්තෝබර් මස ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි හය වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් අද (07 වැනිදා) දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

හරාරේ හි පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

මෙම තරගය සඳහා සහන් ආරච්චි සහ දුශාන් හෙමන්ත ව කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

වනිඳු හසරංග ව සහ ධනංජය ද සිල්වා මෙම තරගය සඳහා විවේක ගන්වා තිබුණි.

මේ අතර මූලික වටයේ තරග සහ සුපිරි හය වටයේ සහභාගි වූ සියලු තරග ජයගෙන සිටින ශ්‍රී ලංකාව මේ වන විට අපරාජිතව අදාළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටීම විශේෂත්වයක්.

මේ අතර මූලික වටයේදී නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ හමුවේ පරාජයට පත් වූ බටහිර ඉන්දීය කොදෙව්වන් සුපිරි හය වටයේදී ස්කොට්ලන්තය හමුවේ පරාජය වීම හමුවේ ඔවුන්ට ලෝක කුසලාන බලාපොරොත්තු ගිලිහී ගියා.

ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබීම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සුදුසුකම් ලබා නොතිබීම හමුවේ ඔවුන් අද (07 වැනිදා) තරගය සඳහා පීඩනයකින් තොරව සහභාගි වීමට නියමිතයි.

දෙරට අතර මේ දක්වා පවත්වා තිබෙන එක්දින ජාත්‍යන්තර තරග 64ක් අතුරින් ශ්‍රී ලංකාව තරග 30ක් ජයගන්නා අතරවාරයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තරග 31ක ජය හිමි වී ඇත.

යම් හෙයකින් අද තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් එම ජයග්‍රහණ සංඛ්‍යාව සමවේ. බටහිර ඉන්දීය කොදෙව්හි ප්‍රධානතම වේග පන්දු යවන තුරුම්පු දෙක වන ජේසන් හෝල්ඩර් සහ අල්සාරි ජෝසප් මේ වන විට නැවත බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට විවේකයක් ලබාදීම වෙනුවෙන් ඔවුන් දෙදෙනා සිය රට බලා පිටත්කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ හේතුවෙන් අද තරගයේදී වෙනත් වේග පන්දු යවන්නන් දෙදෙනෙකු කොදෙව් කණ්ඩායමට ඇතුළත් වනු ඇත.