අද අත්සන් තැබූ වෙළද ගිවිසුමෙන් ලංකාවට වෙන දේ..විශේෂ දැනුවත් කිරීමක්..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා - තායිලන්ත ආර්ථික සබඳතාව යළි පණ ගැන්වීමට එක්වන ලෙස දෙරටේ ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටී.
අද (03) පස්වරුවේ කොළඹදී පැවැති ශ්‍රී ලංකා - තායිලන්ත ව්‍යාපාරික හමුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම අවස්ථාවට තායිලන්ත අගමැති ප්‍රමුඛ එරට දූත පිරිස ද එක්විය. ආහාර, ආහාර හා සැකසුම්, සෞඛ්‍ය, බලශක්ති, ආගන්තුක සත්කාර, සංචාරක, ධීවර, කෘෂිකර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍ර නියෝජනය කරමින් තායිලන්තයේ ඉහළ පෙළේ සමාගම් රැසක ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් මේ සඳහා එක්විය.
ආසියාන් රටක් සමග එළැඹි දෙවන නිදහස් වෙළෙඳ ගිවිසුම ලෙස ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට (FTA) අත්සන් තැබූ බවයි, ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.
රටවල් දෙකෙහිම ව්‍යාපාරිකයින්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ උදාවී ඇති අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගනිමින් ප්‍රතලාභ අත්කර ගැනීමට සහයෝගීව කටයුතු කරන ලෙසය.
අන්දමන් මුහුද තායිලන්ත බොක්ක හා සම්බන්ධ කිරීමේ ගොඩබිම් පාලම් ව්‍යාපෘතිය පිළිබඳව ද සඳහන් කළ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා, තායිලන්තය අග්නිදිග ආසියාවේ සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ අභිලාෂයේදී ශ්‍රී ලංකාව තීරණාත්මක හවුල්කරුවකු වන බවද පැවසීය.
Sponsored By Sarrita Jewellery

