ශ්‍රී ලංකාව පරදවා පාකිස්ථානය විශිෂ්ඨ ජයක් ලබයි..
Cricket
Sri Lanka Cricket
Pakistan national cricket team
International Cricket Council
By Aruna
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති පළමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද සමත් වුණා.
ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබු ලකුණු 131, කඩුලු 6ක් පමණක් දැවී රැස්කිරීමට පාකිස්තාන ක්‍රීඩකයන් සමත් වුණා.
මෙහිදී සාර්ථක පිතිහරඹයක නිරත වූ ඉමාම් උල් හක් නොදැවී 50ක් ලබා ගත්තා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 312ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස පාකිස්ථානය ලකුණු 461ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා රැස්කළේ ලකුණු 279ක් පමණි.
පාකිස්තානය අවසන් වරට ටෙස්ට් තරගයක් ජය ගෙන තිබුණේ මීට වසරකට පෙරයි.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගනයේදී වීමත් විශේෂත්වයක්.