නවසීලන්තයට නොසිතූ ජයක්..අවසාන පන්දුවාරයේ සිදුවූ විශේෂ දේ මෙන්න..
ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 182ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ කඩුලු 06ක් බිදවැටී ලකුණු 183ක් ලබාගෙන තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 06ක් බිඳවැටී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් විය.
එහිදී 12 වන ජාත්‍යන්තර T-20 අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් හැකි වුණා.
සාර්ථක පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 48කදී ලකුණු 73ක් ලබාගැනීමට සමත් විය.
කුසල් ජනිත් පෙරේරා දැවී ගියේ ලකුණු 33ක් රැස් කර සිටියදීයි.
මෙහිදී අවසාන පන්දුවාරයේ ප්‍රථම පන්දුවටම නවසීලන්ත ක්‍රීඩකයින් හයේ පහරක් එල්ල කරමින් සිය ජයග්‍රහණයේ මාවත විවර කර ගත්ත ද එම පන්දුවාරයේදීම නවසීලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
කෙසේවෙතත් යලිත් ශ්‍රී ලංකාව වෙතට දෝලනය වූ තරඟය නවසීලන්තය නතුකර ගන්නට 19 වන පනදුවාරයේ 5 වන පන්දුවේදී සමත් වුණා.
ඒ නවසීලන්ත ඉනිම පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ ලකුණු 183ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කිරීමත් සමඟයි.
මේ අනුව තරඟ 03කින් සමන්විත ශ්‍රී ලංකා නවසීලන්ත තරඟාවලිය 2කට 1ක් ලෙස ජයග්‍රහණ කරමින් තරඟාවලි ජයග්‍රහණය ලබන්නට නවසීලන්තය මීට සුළු මොහොතකට පෙර සමත් විය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |