20යි 20 පළමු තරඟයෙන්ම ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට 196 ක ප්‍රබල ඉලක්කයක්(UPDATE)/(LIVE)
Update
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 05ක් බිදවැටී ලකුණු 196ක ප්‍රබල ලකුණු පුවරුවක් වෙත රැගෙන යන්නට පළමු තරඟයේදීම අද සමත් වුණා.
මේ අනුව ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමාණක් ලබාගන්නට චරිත් අසලංක සමත් වුණා. ඒ පන්දු 43කදී ලකුණු 67ක්.
මේ අතර කුසල් පෙරේරා ගෙන් ද අද විශිෂ්ඨ ඉනිමක් දකින්නට ලැබුණා.
අද තරඟයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ලකුණු 50 සීමාව ඉක්මවන්නට සමත්වූ අතර එය ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තබන්නට සමත් විය.
මේ අතර වනිඳු හසරංග අවසාන පන්දුවාරයේ හයේ පහරවල් දෙකක් එල්ල කරමින් පන්දු 11කදී ලකුණු 21ක් ලබා ගැනීමට සමත් විය.
ලකුණු 197ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පළමු පන්දුවාරය අවසානයේ කඩුලු 01ක් බිඳවැටී ලකුණු 03ක් ලබාගෙන සිටී.
.....................................................
ශ්‍රී ලංකාව නවසීලන්තයට උදේ පාන්දරම නෙළයි. පන්දුවාර 08කදී ලකුණු 83ක්..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) ආරම්භ වී තිබෙනවා.
මෙරට වේලාවෙන් පෙරවරු 6.30ට නවසීලන්තයේ ඔක්ලන්ඩ් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය ආරම්භ වී තිබේ.
කාසියේ වාසියේ ජය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ නායක Tom Latham තීරණය කළේ පළමුව පන්දු යැවීමයි.
ඒ අනුව පළමුව ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා.
මෙම තරගයේ කිවි පෙළ නියෝජනය කරනුයේ Tom Latham ගේ නායකත්වය යටතේ පිළිවෙළින් Chad Bowes,Tim Seifert, Daryl Mitchell,Mark Chapan,James Neesham,Rachin Ravindra,Adam Milne,Henry Shipley,Ish Sodhi,Ben Lister මේ ලැයිස්තුවට ඇතුළත්.
ශ්‍රී ලංකා කණ්ඩායම නායක දසුන්ගේ නායකත්වය යටතේ කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දිල්ෂාන් මධුෂංක, ප්‍රමෝද් මධුෂාන් අද තරගය නියෝජනය කරනවා.
ඉදිරියේ පැවැත්වෙන මෙම තරගාවලියේ සෙසු තරග දෙක එළඹෙන අප්‍රේල් 05 සහ 08 වැනි දින පැවැත්වෙනු ඇති.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 08 ක් අවසානයේ කඩුලු 03ක් බිදවැටී ලකුණු 83ක් ලබාගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |