ශ්‍රී ලංකාව අද ලෝක වාර්තා 02ක් අතලඟ..වසර 44 කට පසුව සිදුවෙන්න යන දේ මෙන්න..

Cricket Sri Lanka Cricket Netherlands Cricket Team Zimbabwe national cricket team International Cricket Council
By Aruna Jul 09, 2023 05:07 AM GMT
Report

නෙදර්ලන්තය සමඟ අද (09) පැවැත්වෙන එක්දින තරගයේදී ලෝක වාර්තා දෙකක් සම කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබෙවනවා.

ඒ, සුදුසුකම් ලැබීමේ තරගාවලියකදී අඛන්ඩව තරග 10 ක් ජයග්‍රහණය කිරීමේ වාර්තාව සහ පිට පිට වැඩිම වරක් ප්‍රතිවාදී කඩුලු‍ දහයම දවාගත් වාර්තාවයි.

ඇෆ්ගනිස්ථානය සමඟ පැවති අවසන් තරග දෙකද ඇතුලුව ශ්‍රී ලංකාව මේ වනවිට අඛන්ඩව එක්දින තරග 9 ක් ජයග්‍රහණය කර ඇති අතර, අද තරගය ජයගතහොත් එය අඛන්ඩ 10 වන තරග ජයග්‍රහණය වනවා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම 2004, 2006 සහ 2014 වසරවලදී මෙලෙසින් තරග 10 බැගින් අඛණ්ඩව ජයගෙන තිබුණා.

එමෙන්ම මීට පෙර 1979 වසරේදී බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගත්තා.

ඒ අනුව අද තරගය ජයගතහොත් ශ්‍රී ලංකාව එලෙස සුදුසුකම් ලැබීමේ තරගාවලියක ශූරතාව දිනාගන්නේ වසර 44 කට පසුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්තය අතර හරාරේහිදී මෙලෙස පැවැත්වෙන්නේ 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි අවසන් මහා තරගයයි.

කෙසේ වෙතත් මේ වනවිට කණ්ඩායම් දෙකම ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා අවසන්.

මේ අතර, අද (09) පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට අවස්ථාව අහිමි වී තිබේ.

ඒ ඔහුගේ පාදයේ මතු වූ ආබාධ‍යක් හේතුවෙන්. දිමුත් වෙනුවට ධනංජය සිල්වා නෙදර්ලන්තය සමග අද(09) පැවැත්වෙන තරගයට මුහුණ දීමට නියමිතයි.

එමෙන්ම අද(09) තරගයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.