මෙරට තරුණ ප්‍රජාවට ජපානයේ සුපිරි රැකියා අවස්ථාවක්..වැඩේ වෙන්නෙ මෙහෙමයි..

Dinesh Gunawardena Sri Lanka Japan Sri Lanka Relationship Japan
By Aruna Sep 15, 2022 11:10 PM GMT
Report

මෙරට තරුණ ප්‍රජාවට ජපානයේ රැකියා අවස්ථා ලැබෙන උපාධි ප්‍රදානය කෙරෙන ලංකා නිපෝන් බිස්ටෙක් ආයතනයේ උපාධි වැඩසටහන් ඇරඹේ.

මහරගම ඉදිකෙරුණු එම නව ජපන් තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සඳහා පිළිගත් විද්‍යාවේදී උපාධි ප්‍රදානය කරන ආයතනයකි.

සිය පළමු උපාධි වැඩසටහන 15 දින පෙරවරුවේ ආරම්භ වූයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ජපාන තානාපති මිසුකොශි හඓකි මහත්තුරුන්ගේ ප්‍රධානත්වයෙනි.

රටට අවශ්‍ය මොහොතක මෙවැනි උපාධි වැඩසටහන් හඳුන්වා දීම සම්බන්ධයෙන් අගමැතිවරයා එම ආයතන වෙත ස්තූතිය පළ කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කරන ලද ජපන් රැකියා ඉලක්ක කරගත් වැඩසටහන් ඉදිරිපත් කරන මෙරට ප්‍රථම සහ එකම ජපන් උසස් අධ්‍යාපන ආයතනය වන්නේ LNBTI හෙවත් ලංකා නිපොන් බිස්ටෙක් ආයතනයයි.

මෙම උපාධි වැඩ සටහනේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ මෙම විශ්වවිද්‍යාලයෙන් පිටවන සිසුන්ට අනිවාර්යෙන් ජපාන පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා හිමිවීමයි.

තොරතුරු තාක්ෂණ අංශයේ ආයෝජන අවස්ථා,මෙන්ම මෙරට තොරතුරු තාක්ෂණය ආශ්‍රිත වැඩසටහන් සඳහා ද මෙම විශ්වවිද්‍යාලයේ සහය ලබාගත හැක.

මෙහි අධ්‍යාපනය ලැබීමෙන් ජපානයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පුළුල් වෘත්තීය අවස්ථා ලබා ගැනීමට අවශ්‍ය කුසලතාව සහ පුහුණුව සිසුන්ට ලබා දීම සහතික කරයි.

ජපන් තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ස්ථිර රැකියා සහතික කරන උපාධි පිරිනමන දකුණු ආසියාවේ එකම ජපන් උසස් අධ්‍යාපන ආයතනය මෙය වේ.

එය ජපානය සියලු ව්‍යාපාරික ආයතන සමඟ ශක්තිමත් සබඳතා පැවැත්වීම ද සිසුන්ට වාසි රැසක් උදාකර දී තිබේ.

මෙම අවස්ථාවට ලංකා නිපෝන් බිස්ටෙක් ආයතනයේ සභාපති කොර්ගො මිච්‍ යෝ සහ මහාචාර්ය ආනන්ද කුමාර් යන මහත්තුරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now