ලංකාව සම්බන්ධයෙන් ජපානය හදිසියේ තීරණයක් ගනී..

Nimal Siripala De Silva Sri Lanka Japan Sri Lanka Relationship Japan
By Aruna Aug 10, 2022 11:08 PM GMT
Report

ශ්‍රී ලංකාව බංකොළොත් බව ප්‍රකාශ කිරීම මත ණය ගෙවීමට හැකියාවක් නොමැති වීමෙන් ජපානයේ ආධාර මත පවත්වාගෙන ගිය ව්‍යාපෘති 12ක් අත්හිටුවා තිබේ.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව හෙළි කළේය.

‘විශේෂයෙන් ජයිකා සංවිධානය ඇවිල්ල මා මුණගැහුනා. මුණ ගැහිලා ලියුමක් භාර දුන්නා.

කියලා කිව්වා, ජපානය, දැන් අපේ රට බංකොලොත් කියලා, අපිට ණය ගෙවාගන්න බැහැ කියලා, ප්‍රකාශයක් කරලා තියෙන නිසා IMF එක ඇවිල්ලා මේ පිළිබඳව රෝඩ් මැප් එකක් හදනකං ඒ ගොල්ලේ මේ Taisei ප්‍රොජෙක්ට් එක විතරක් නෙමෙයි, ජපානයෙන් ආධාර දෙන, ජයිකා ආයතනයෙන් ආධාර දෙන ව්‍යාපෘති 12 ක් suspend කරලා තියෙනවා කියලා.

suspend කරලා කියන්නේ කැන්සල් කරලා නෙමෙයි. තාවකාලිකව නතර කරලා තියෙනවා.

IMF සංවිධානය මේ පිළිබඳව අපිත් එක්ක මේ ණය ප්‍රතිව්‍යූහගතකිරීම පිළිබඳව ගන්නා පියවර අනුව ඔවුන් නැවත අපිට ඒ මුදල් ලබා දෙනවා කියලා’


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now