ශ්‍රී ලංකා ඉන්දීය අවසන් ක්‍රිකට් තරගයේදී ලාංකිකයින්ට නොසිතූ ඉරණමක් අත්වෙයි..රෑ සිදු වූ දේ මෙන්න.
රෝඩ් සේෆ්ටි ලෝක ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 33කින් ජය ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා. රායිපූර් හිදී යි තරගය පැවැත්වුණේ.
ජායිපූර්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 195 ක්.
ආරම්භක පිතිකරු නාමන් ඕජා නොදැවී ලකුණු 108යි.
නායක සචින් තෙන්ඩුල්කාර් කිසිදු ලකුණක් නොලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට නුවන් කුලසේකර සමත්වුණා.
විනේ කුමාර් ලකුණු 36යි. යුවරාජ් සිං ලකුණු 19ක් ලබාගත්තා.
ඉර්ෆාන් පතන් ලකුණු 11යි. යුසුෆ් ෆතාන් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.
මේ අනුව රෝඩ් සේෆ්ටි ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 196ක්.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 162ක් පමණයි.
ජීවන් මෙන්ඩිස් ලකුණු 20ක් අසේල ගුණරත්න ලකුණු 19 ක් නායක තිලකරත්න දිල්ෂාන් ලකුණු 11ක් සහ උපුල් තරංග ලකුණු 10ක් ලබාගත්තා. දිල්ෂාන් මුණවීර ලකුණු 9යි.
ඉෂාන් ජයරත්න ලකුණු 51ක් සහ මහේල උඩවත්ත ලකුණු 26ක් ලබාගත්තා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |