ශ්‍රී ලංකාවට ඉන්දීය සාගර කලාපීය සංගමයේ සභාපතිත්වය හිමි වෙයි.
Sri Lanka
India
By Aruna
කොළඹදී අවසන් වූ 23 වැනි IORA අමාත්‍ය මණ්ඩලයේදී ශ්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) සභාපතිත්වය භාර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව 1997 දී පිහිටුවන ලද IORA හි ආරම්භක සාමාජිකයෙකු වන අතර, මින් පෙර 2003 සිට 2004 දක්වා එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.
23 වැනි IORA අමාත්‍ය මණ්ඩලය විවෘත කරන ලද්දේ ඉන්දියන් සාගරය අතථ්‍ය යථාර්ථය හරහා සම්මන්ත්‍රණ ශාලාවට ගෙන ආ වර්ණවත් සමාරම්භක උත්සවයකිනි.
මේ අතර, ලබන ඔක්තෝබර් 15 සහ 16 චීනයේ සංචාරයක නිරතවීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවත්, එහිදී ද්විපාර්ශ්වික සාකච්ඡා, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් වාර්තා වනවා.
රටේ මැතිවරණ පැවැත්වීම ජනාධිපතිවරයාගේ කාර්යයක් නොවන බවත් එය මැතිවරණ කොමිසම විසින් නියමිත කාලයට සිදුකරනු ඇති බවත් පාලිත රංගෙ බණ්ඩාර මහතා පසුගිය දා ප්‍රකාශ කළා.