ඉන්දියාවෙන් හදිසියේම ලංකාවට දුන් දේ මෙන්න..

Sri Lanka India
By Aruna May 29, 2022 03:19 AM GMT
Report

ඉන්දියානු රජය මගින් ශ්‍රිලංකාව සදහා ලබා දුන් මානුෂිය ආධාර බේදා දිමේ වැඩ සටහනට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභින් හා වතුකර ජනතාව වෙත එම ආධාර ලබා දිම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් 28වන දින සිදු කරන ලදි.

දුම්රියෙන් ප්‍රවාහනය කරන ලද ආදාල මානුෂිය ආධාරවල පලමු කොටස නානුඔය දුම්රිය ස්ථානයේදි බාර ගත් නන්දන ගලබඩ මහතා එම ආධාර නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් හරහා වතු සමාගම් වෙත ලබා දීම මෙහිදි සිදු කරන ලදි.

එම ආධාර යටතේ නුවරඑළිය දිස්ත්‍රික්ය සදහා සහල් මෙට්ට්‍රික් ටොන් 1750ක් හා කිරි පිටි මෙට්ට්‍රික් ටොන්21ක් ලැබිමට නිමිත බවත් මෙම ආධාර යටතේ මෙම දිස්ත්‍රික්කයේ එක් පවුලක් සදහා සහල් ක්‍රිලෝ 10 බැගින් ලබා දිමට පියවර ගන්නා බව නන්දන ගලබඩ මහතා පැවසිය.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 60314කට, කොත්මලේ ප්‍රාදේශීය ලේඛම් බල ප්‍රදේශයේ පවුල් 34012කට, වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 36502කට, හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 32305කට, අඹගමුව ප්‍රාදේශීය ලේඛම් බල ප්‍රදේශයේ පවුල් 81504කට මෙම ආධාර ලබා දිම සිදු කරන බවද ඔහු පැවසිය.

මෙයට අමතරව ලැබුන කිරිපිටි පාර්සල් 4000 බැගින් මෙම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේඛම් බල ප්‍රදේශ වෙත ලබා දිමට පියවර ගන්නා බවත් එම කිරිපිටි ක්‍රිලෝ එක බැගින් එම බල ප්‍රදේශවල කිරි දෙන මවුවරුන්, ගැබිනි මවුවරුන් හා අවුරුදු 05ට අඩු ළමුන් සිටින පවුල් සදහා බේදා දිමට පියවර ගන්නා බවද නන්දන ගලබඩ මහතා වැඩි දුරටත් පවසන ලදි

– මනුර සුදත් සෙල්ලහේවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now