චීනයෙන් ලංකාවට තෙල් දෙන්න යයි..කරන්න හදන දේ මෙන්න..

Fuel Price In Sri Lanka Sri Lanka China
By Aruna Jun 05, 2022 04:55 AM GMT
Report

චීනය විසින් සහන ගෙවීමේ පදනමක් මත ඩීසල් මෙරට ලබා දීමට ඉදිරිපත් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා චීනය සමඟ සාකච්ඡා කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී ලංකාවට හදිසි අවශ්‍යතාවක් බවට පත්ව ඇති ඩීසල් ලබාදීමට චීනය කළ යෝජනාවට ශ්‍රී ලංකාව ප්‍රතිචාර නොදැක්වූ බවට හෙළි වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මෙම දැනුම්දීම කර තිබේ.

චීනය විසින් මෙරටට ඉන්ධන ලබාදීමට කළ යෝජනාවට ශ්‍රී ලංකාව ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් චීනය පුදුමයට පත්ව ඇතැයි ද ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.