ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා 20යි 20 අවසන් තරඟයේ අද සිදුවන දේ මෙන්න..තරඟය ඇරඹෙයි.

Australia Sri Lanka T20 cricket match Sport cricket
By Aruna Feb 20, 2022 07:13 AM GMT
Report

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියා කණ්ඩායම අතර තරග 05කින් සමන්විත පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් සහ තීරණාත්මක තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කිරීමට සත්කාර කැන්ගරුවන් සමත් වුණා.

ඒ අද (20) මෙල්බර්න්හි දී පැවැත්වෙන අවසන් තරගයේ කාසිය වාසිය උරගා බැලීමේ අවස්ථාවේ දී යි.

එහිදී කැන්ගරු දේශයේ කණ්ඩායම් නායක ආරොන් ෆින්ච් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරග පරාජයෙන් බේරීමට සහ ක්‍රිකට් ඉතිහාසයේ තවත් සිදු වන්නට යන දරුණු පරාජයකින් ගැලවීමට නම් මෙම තරගය ජය ගැනීම අතිශය වැදගත් වනවා.

ඒ අනුව මෙතෙක් පැවති තරග 04හිම පූර්ණ ජය සමගින් තරගාවලියේ ශූරතාව මේ වනවිට ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සතු වී තිබෙනවා.

අද තරගයට දඟ පන්දු යවන්නන් වන වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, බිනුර ප්‍රනාන්දු සහ අවිශ්ක ප්‍රනාන්දු එක් නොවන අතර, ධනුෂ්ක ගුණතිලක වෙනුවට ජනිත් ලියනගේ එක් කර තිබෙනවා.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායම වෙනුවෙන් පළමුව පන්දුවට පහරදීමට ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණ ඇත්තේ ආරොන් ෆින්ච් සමගින් බෙන් මැක්ඩර්මොට් වන අතර, මේ වනවිට ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පන්දුවාරයයි, පන්දු 03ක් අවසානයේ ලකුණු 05ක් රැස්කරගෙන සිටින්නේ කඩුලු 10ක් ඇතැතිවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now