ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට අලුත් බලාපොරොත්තුවක්..ජලය සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න(PHOTOS)

Government Employee Sri Lanka Government Of Sri Lanka Austria
By Aruna Jul 31, 2024 05:25 AM GMT
Report

ඕස්ට්‍රේලියානු රජය මෙරට ජලශාස්ත්‍රීය මිනුම් කටයුතු පුළුල් කිරීමට අත්‍යාවශ්‍යව පැවති Multi beamer Echo Sounder උපකරණයක් පරිත්‍යාග කිරීමට නිලවශයෙන් එකඟ වී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාපීය සහකාර ලේකම් Karen Radford මහත්මිය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (ජුලි 30) දින කොළඹ පිහිටි සිය කාර්යාලයේදී හමුවිය.

සජිත් වෙනුවෙන් රංජිත් අද පෙරට එයි..අලුත්ම ආරංචිය මෙන්න..

සජිත් වෙනුවෙන් රංජිත් අද පෙරට එයි..අලුත්ම ආරංචිය මෙන්න..


ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාප සහකාර අධ්‍යක්‍ෂ Lachlan Sillar මහතා, ප්‍රතිපත්ති නිලධාරී Noah Diamantopoulos මහතා සහ කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Amanda Johnston ද ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිසට එක්ව සිටියහ.

ඊයේ පස්වරුවේ සිය කාර්යාලය වෙත පැමිණි ඔස්ට්‍රේලියානු දූත පිරිස අමාත්‍ය තෙන්නකෝන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව ඔවුන් සමග සුහද සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය.

සාකච්ඡාව අතරතුරදී ඕස්ට්‍රේලියානු රජයේ මැදිහත්වීමෙන් ජලශාස්ත්‍රීය මිණුම් උපකරණ තොගයක් ලබා ගැනීමට සහ එම උපකරණ ශ්‍රී ලංකා නාවික හමුදාවට පරිත්‍යාග කිරීමට 2024 පෙබරවාරි මාසයේදී පැවති සාකච්ඡා වලදී එකඟ වූ බවත් එළබෙන සැප්තැම්බර් මාසයේදී එම උපකරණ ශ්‍රී ලංකාවට ලබා දීමට බලාපොරොත්තු වන බවත් Radford මහත්මිය ප්‍රකාශ කර තිබේ.

Kongsberg ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම උපකරණ කට්ටලය නොගැඹුරු ජල බහු-කදම්භ echo sounder සහ ඒ ආශ්‍රිත උපකරණ වලින් සමන්විත වන අතර එය ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය පර්යේෂණ හා මිනුම් කටයුතු වල හැකියාවන් ඉහල නැංවීමට සෘජුවම දායක වනු ඇති බවයි පැවසෙන්නේ.

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් පහළ බසී?..ජනතාවට සුබ ආරංචියක්..

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් පහළ බසී?..ජනතාවට සුබ ආරංචියක්..


මීට අමතරව දෙරට අතර ආරක්‍ෂක සබඳතා තහවුරු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පළමු වතාවට පැවැත්වීමට නියමිත 'ආරක්‍ෂක සංවාදය' සදහා දැනට පවතින පෙර සූදානම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරනු ලැබීය.

ඊට අමතරව ඉන්දියානු සාගර කලාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන ද්වීපාර්ශ්වික සහයෝගිතාවය, දෙපාර්ශ්වයටම බලපාන ආරක්‍ෂක අභියෝග සහ එම අභියෝග පිටුදැකීම සදහා අවශ්‍ය කෙරෙන අන්තර් සබඳතා ආදී කරුණු රාශියක් පිළිබඳ ද සාකච්ඡා කරනු ලැබීය.

GalleryGalleryGallery