ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට ඔස්ට්‍රේලියාව පෙරට එයි..

University of Moratuwa University of Ruhuna Sri Lanka Sri Lanka Navy Austria
By Aruna Sep 28, 2022 01:13 AM GMT
Report

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ නාවික කටයුතුවල ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා සාගර අනාවැකි පළ කිරීමේ පද්ධතියක් වෙනුවෙන් ඔස්ට්‍රේලියාව ඩොලර් 500000ක ආයෝජනයක් සිදුකර තිබෙනවා.

බටහිර ඔස්ට්‍රේලියාවේ සාගර අනාවැකි පළ කිරීමේ පද්ධතිය (ocean forecasting system) මත පදනම්ව බටහිර ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය, රුහුණු විශ්ව විද්‍යාලය සහ මොරටුව විශ්ව විද්‍යාලයේ සහයෝගීතාවයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.

සියලුදෙනා අන්තර්ගත වූ ආර්ථිකයක් සඳහා දැනුම හා සම්බන්ධතා යන ඔස්ට්‍රේලියානු රජයේ වැඩසටහන තුලින් අරමුදල් සපයන ලද සාගර අනාවැකි පද්ධතිය මගින් සමුද්‍ර කර්මාන්ත සහ ධීවර කර්මාන්තය, සමුද්‍රීය ප්‍රවාහනය සහ ආරක්ෂා කටයුතු මෙහෙයුම් වැනි ක්‍රියාකාරුවන් සඳහා දින 4ක සාගර අනාවැකි ජනනය කරනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now