ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවට අමතක නොවන පාඩමක් උගන්වයි..ඊයේ රෑ සිදුවුණ දේ මෙන්න..

Cricket Sri Lanka Cricket Sri Lanka Afghanistan Cricket Team ICC World Cup 2023
By Aruna Oct 04, 2023 12:07 AM GMT
Report

2023 ලෝක කුසලානයේ 8 වන පෙර පුහුණු තරගය අද ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ඊයේ (03) Guwahati හි Barsapara ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.

මෙම තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම විසින් දිනාගත් අතර, ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කලහ.

මෙහිදී පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු ඕවර 46 යි පන්දු 2 ක දී සියලුදෙනාම දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 294 ක් පමණි.

ලකුණු 295 පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානයට තරගය අතරතුර වර්ෂාව බාධා පැමිණිය මේ හේතුව නිසා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඔවුනට හිමි වු ඉලක්කය පන්දු ඕවර 42 දී ලකුණු 257 ක් ලබා ගැනීමයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 38 යි පන්දු 1 දී කඩුලු 04 ක් දැවී ලකුණු 261 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි විය.

ඇෆ්ගනිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ,Rahmanullah Gurbaz ය.

ඔහු ලකුණු 119ක් ලබාගත් අතර, Rahmat Shah ලකුණු 93 සිය කණ්ඩායමට එක් කරන්නට විය.

පන්දු යැවීමේදී කසුන් රාජිත හා ලහිරු කුමාර කඩුලු 01 බැගින් ලබා ගත්හ.

ඒ අනුව 2023 ලෝක කුසලාන 18 වන පෙර පුහුණු තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් ග්‍රහනයක් ලබා ගැනීමට හැකි විය.

මේ අනුව ශ්‍රීලංකා දෙවන පුහුණු තරගයක් මෙලෙස අවාසනාවන්ත අයුරින් පරාජයට පත්විය.