ශ්‍රී ලංකා ඇෆ්ගන් තීරණාත්මක අවසන් සටන අද..

Sri Lanka Cricket Sri Lanka Afghanistan Cricket Team
By Aruna Nov 30, 2022 04:40 AM GMT
Report

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක අවසන් එක්දින තරගය අද (30) පස්වරු 2.30ට පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කළ අතර දෙවැනි තරඟය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොර ව අවසන් කෙරුණා.

මේ හේතුවෙන් අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම යම් හෙයකින් පරාජයට පත් වුවහොත් ඇෆ්ගන්ස්ථානු කණ්ඩායම තරගාවලි ජයග්‍රහණය ලබන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් කණ්ඩායම් දෙකම සම ජයග්‍රහණයක් ලබයි.

යම්හෙයකින් අද තරඟයටත් වර්ෂාවෙන් බාධා පැමිණියහොත් තරඟාවලි ජයග්‍රහණය ඇෆ්ගන් කණ්ඩායම හිමිකර ගනී.

එම නිසා මෙම තරඟය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරඟක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now