ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබයි..සුපිරි 04ට සුදුසුකම් ලබයි?..(UPDATE).

Sri Lanka Cricket T20 World Cup 2022 Australia Cricket Team Afghanistan Cricket Team
By Aruna Nov 01, 2022 05:11 AM GMT
Report

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම අතරේ පැවති තරඟය මීට සුළු මොහොතකට පෙර ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

ඒ ලකුණු 144ක ඉලක්කයි හබා යමින්.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 03ක් අවසානයේ ලකුණු 148ක් ලබාගෙන සිය ජයග්‍රහණය තහවුරු කළා.

මෙහිදී අද තරඟයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ ධනංජය ද සිල්වායි.

ඒ සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 66ක් ලබා ගනිමින්.

මේ අනුව අද තරඟය ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 03වන ස්ථානයට පැමිණියා.


.....................

ඇෆ්ගනිස්ථානයෙන් ලංකාවට අභියෝගාත්මක ඉනිමක්..අද සිදුවූ දේ මෙන්න.

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර මේ වන විට පැවැත්වෙන අතිශය වැදගත් තවත් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 144ක් ලබාගනු ලැබුවා.

මෙහිදී සුපිරි පන්දුයැවීමක නිරතවූ වනිඳු හසරංග අද දිනයේ ලකුණු 13 කට කඩුලු 03ක් ලබාගත්තා.

මේවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පැතුම් නිෂ්ශංක සමගින් කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරු යුගලය ලෙස පන්දුවට පහරදෙමින් සිටී.

පළමු පන්දු වාරය අවසානයේ 144ක ලකුණු පුවරුවක් හබායන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොඳැවී ලකුණු 08ක් ලබා ගෙන තිබේ.

........................................

සුපිරි ක්‍රීඩක චාමික තරඟයෙන් ඉවත් කෙරේ..ඇෆ්ගනිස්ථානය කරට කර සටනක..

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන අතිශය වැදගත් තවත් තරගයක් මේ වන විට ආරම්භවී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ බි‍්‍රස්බේන්හි පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මේවන විට පන්දුවට පහර දෙමින් සිටියි.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 13ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 95ක් ලබාගෙන සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්න අද තරයේදී විවේක කරනවා ඇති අතර ඒ වෙනුවට කැදවා ඇත්තේ පන්දු යවන ක‍්‍රීඩක ප්‍රමෝද් මධුෂාන්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now