ඇමරිකානු තානාපතිනියගෙන් ජනපතිට විශේෂ පොරොන්දුවක්

Sri Lanka Economic Crisis Sri Lanka United States of America
By Sewvandhi Jun 30, 2022 03:38 PM GMT
Report

ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ප්‍රකාශ කර තිබෙනවා..

ජූලි චන්ග් මහත්මිය සහ ජනාධිපතිවරයා අතර අද (30) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට ඇමරිකා එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බව එරටින් පැමිණි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස සඳහන් කළා.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ද අවස්ථා කිහිපයකදී මානුෂීය ආධාර ලබාදීමට පියවර ගනු ලැබුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව වෙනුවෙන් සහ මානුෂීය ආධාර ලබාදෙමින් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබඳ ජනාධිපතිවරයා සිය ස්තූතිය පිරිනැමූ බවද සඳහන්.

ශ්‍රී ලංකාව මුහුණදී සිටින වත්මන් තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් පසුවන බවත් කඩිනමින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බවත් ජූලි චන්ග් මහත්මිය ජනාධිපතිවරයා සමග සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now